Recruitment Challenges

පෙබරවාරි මස 15, 16 යන දෙදින තුල Recruitment Challenges 9ක් පැවැත්වීමට නියමිතය. සෑම Recruitment Challenge එකක් සඳහා maps දෙකක් පැවැත්වේ (Erangel සහ Miramar). එහි දී කණ්ඩායම් සඳහා ලකුණු මෙහි දක්වන පරිදි ලබා දෙනු ඇත. ඉන් අනතුරුව අදාළ Recruitment Challenge එක දිනන කණ්ඩායමට තමන් කැමති පළාත් 9ක් ආශ්‍රිතව සැකසුනු EPL කණ්ඩායමක් තෝරාගත හැකි වේ. මෙම කණ්ඩායම් 9, අවසන් මහා තරඟයට තරඟ වදින්නේය.

පහත දැක්වෙන කණ්ඩායම් Recruitment Challenges සඳහා සුදුසුකම් ලබා ඇත. කණ්ඩායම් තමන්ට ලබාදී ඇති slot අංකයට පමණක් සම්බන්ධ විය යුතු බව කරුණාවෙන් සලකන්න.

කණ්ඩායම 
Slot අංකය 
ISSL Immortal 2
nA|FRag 3
Team Deadly Blue 4
Team OJPL 5
WTF Kalliya 6
ISSL 7
NØ RULES infinity club 8
PnX Official Royal Commandos Team Viper 9
ELITE々W4RRIES 10
nA|FRag CodeBlacks 11
WG 24 K GOLD 12
WARLOCKS 13
කණ්ඩායම  Slot අංකය 
Monsters villa 14
4BIDDEN 15
NØ RULES 16
nA| FRag Alpha 17
nA I Xtasy 18
Mad House Boyz 19
Captaine Revenge 20
PnX | Official Royal
Commandos
21
Raven force B 22
TM | Captains 23
Recursion x 24
The Beast Squad 25

සෑම Recruitment Challenge එකක් දිනන කණ්ඩායමක්ම තමන් කැමති පළාත් 9ක් ආශ්‍රිතව සැකසුනු EPL කණ්ඩායමක් තෝරාගත යුතු වේ. මෙම තෝරාගැනීම පිළිබඳව කල් තියා සංවිදායකන්ට දැනුම් දිය යුතුයි. එසේ සෑම Recruitment Challenge එකක දිනන කණ්ඩායම අවසන් මහා තරඟයට තේරී ඇති හෙයින් Recruitment Challenge වටයෙන් ඉවත් වනු ඇත.

සෑම Recruitment Challenge එකකින් මෙසේ ඉවත්වන කණ්ඩායමෙන් පුරප්පාඩු වන slot එක සඳහා, පහත දැක්වෙන Standby කණ්ඩායම් අතුරින් එකකට අවස්ථාව හිමි වනු ඇත. එසේ Standby කණ්ඩායම් සඳහා එකතු විය හැකි Recruitment Challenge එක සමග පහත දක්වා ඇත. තම කණ්ඩායමට අදාළ Recruitment Challenge එක සඳහා නිසි අයුරින් සහභාගී නොවන කණ්ඩායම් සඳහා පසුව එකතු වීමට නොහැකි වේ.

 

Standby කණ්ඩායම්  එකතු වෙන Recruitment Challenge එක
Special Task Force එකතු වන්නේ  Recruitment Challenge 2 සිට 
Team Soldiers එකතු වන්නේ  Recruitment Challenge 3 සිට 
Wide Eyed Deadly එකතු වන්නේ  Recruitment Challenge 4 සිට 
MAX | TRAF එකතු වන්නේ  Recruitment Challenge 5 සිට 
Tom and Jerry එකතු වන්නේ  Recruitment Challenge 6 සිට 
God of Death එකතු වන්නේ  Recruitment Challenge 7 සිට 
sWAtSL එකතු වන්නේ  Recruitment Challenge 8 සිට 
Kinniya Dangerous Squad එකතු වන්නේ  Recruitment Challenge 9 සිට 

පළමු දින කාල සටහන – 2020 පෙබරවාරි 15

සැම Recruitment Challenge සඳහා නිර්දේශ කර ඇති වෙලාවක් තිබේ. කණ්ඩායම් නියමිත වෙලාවට පෙර තරඟාවලි lobby සඳහා සම්බන්ධ වීමට සුදානම් ව සිටිය යුතුයි.

9:30 AM – 11:30 AM Recruitment Challenge 1
12:00 PM – 2:00 PM Recruitment Challenge 2
විරාමය 
3:00 PM – 5:00 PM Recruitment Challenge 3
5:30 PM – 7:30 PM Recruitment Challenge 4
විරාමය
8:00 PM – 10:00 PM Recruitment Challenge 5

දෙවන දින කාල සටහන – 2020 පෙබරවාරි 16

සැම Recruitment Challenge සඳහා නිර්දේශ කර ඇති වෙලාවක් තිබේ. කණ්ඩායම් නියමිත වෙලාවට පෙර තරඟාවලි lobby සඳහා සම්බන්ධ වීමට සුදානම් ව සිටිය යුතුයි.

9:30 AM – 11:30 AM Recruitment Challenge 6
12:00 PM – 2:00 PM Recruitment Challenge 7
විරාමය
3:00 PM – 5:00 PM Recruitment Challenge 8
5:30 PM – 7:30 PM Recruitment Challenge 9

තරඟ කොන්දේසි පිළිබඳව මතක් කිරීම 

  • Recruitment Challenges වටයට සුදුසුකම් ලබා ඇති කණ්ඩායම් හි නායකයින් සමග group chat එකක් ආරම්භ කර ඇත. ඒ සඳහා මෙතෙක් එකතු වී නැති කණ්ඩායම් හි නායකයින් කරුණාකර සංවිදායක මණ්ඩලය දැනුවත් කරන්න.
  • අදාළ Lobby ID සහ Password කණ්ඩායම් නායකයින් හට lobby එක ආරම්භ වූ පසු දැනුම් දෙනු ඇත.
  • Level 40යෙන් ඉහල මට්ටමේ තිබෙන accounts පමණක් සහභාගී විය හැක.
  • Recruitment Challenges වටයේ භාවිතා වන maps දෙක වන්නේ Erangel සහ Miramar ය.
  • කණ්ඩායම් සඳහා එක් map එකක අවසානයේදී ඊළඟ map එක සඳහා lobby එක වෙත සම්බන්ධ වන්න විනාඩි 5ක කාලයක් ලැබෙනු ඇත.
  • කණ්ඩායම් සඳහා ලකුණු මෙහි දක්වන පරිදි ලබා දෙනු ඇත.
  • Recruitment Challenges වටයට ඉදිරිපත් වන කණ්ඩායම් හි සංයුතියේ කිසිම වෙනසක් කල නොහැක.
  • Open Qualifier වටේ දී භාවිතා කරනු ලැබූ accounts පමණක් භාවිතා කල යුතු වේ.
  • මෙම තරඟ කොන්දේසි කඩ කරනු ලබන ඕනෑම කණ්ඩායමක් හෝ තරඟකරුවෙක් තරඟාවලියෙන් ඉවත් කරනු බව කරුණාවෙන් සලකන්න.
  • සියලු තරඟ නීති රීති සඳහා පිවිසෙන්න https://epl.lk/rules/.